Monday, August 8, 2011

18. අපේ මුල්ම trade එක කරමු

ඔන්න එහෙනම් අද අපි අපේ demo account එකේ first trade එක කරමු. මම දන්නවා ගොඩක් දෙනෙක් මේක කරන කල් ඉවසිල්ලක් නැතුව ඉන්නේ කියලා.


අපි ටිකක් පුරුදු වෙනකන් trade කරන්න යන්නේ EUR/USD currency pair එක විතරයි. එහෙනම් කට්ටිය ඉස්සෙල්ලාම අනිත් charts ඔක්කොම close කරලා EUR/USD chart එක screen එකට ගන්න. දැන් අපි අර කලින් පාඩමේදී ඉගෙන ගත්ත Standard colors කියන template එක load කරගන්න. ඊට පස්සේ Chart shift කියන button එකත් click කරන්න.
Trade එකක් open කරනවා කියන්නේ, එහෙමත් නැති නම් Order එකක් place කරනවා කියන්නේ බොහොම වගකීමකින් යුතුව කරන්න ඕනේ දෙයක්. ඔයාලා දැන් දන්නවානේ අපිට trade කරන්න පුළුවන් ක්‍රම 2ක් තියෙනවා එකක් EUR/USD Long (EUR/USD Buy order) කරන්න පුළුවන් එහෙමත් නැතිනම් EUR/USD Short (EUR/SUD Sell order) කරන්න පුළුවන්. අපි මොන trade එකද කරන්නේ? Long ද, Short ද? මොන order එකද කරන්න ඕනෙ කියලා හරියට දැන ගන්න පුළුවන් නම් මේක කරන හැමෝම මෙලහකට කෝටිපතියෝවෙලා. Trade එකක් open කරන්න කලින් Market එකේ තත්වය හොඳට study කරලා (ඒ කියන්නේ Market analysis) තියෙන්න ඕනෙ. එතකොට තමයි අපිට වන losses අවම කරගන්න පුළුවන් වෙන්නේ.


කොහොම වුනත් දැන් අපි කරන්න හදන්නේ trade එකක් open කරන්නේ කොහොමද කියලා ඉගෙන ගන්නනේ. අනිත් එක අපිට අපේ ඇත්ත සල්ලි නැතිවෙන්නෙත් නැති නිසා අපි නිකන් trade එකක් කරලා බලමු.


දැන් මෙහෙමයි මේක කරන්නේ. ඉස්සෙල්ලම අපි අරන් තියෙන EUR/USD chart එක M15 කරගන්න. ඒක කරන්නේ කොහොමද කියලා ඔයාලා දැන් දන්නවා. M15 button එක click කරන්න විතරයි තියෙන්නේ. අපි කරන්න් යන්නේ මේකයි, දැන් හැදෙමින් පවතින candle එක දිහා හොඳට බලාගෙන ඉන්න. ඒක හැදිලා ඉවර වෙච්ච ගමන් අපි ඒ හැදිච්ච candle එකේ පාට බලලා Buy හෝ Sell order එකක් දාමු.


Candle එක කොළපාට එකක් නම් Buy Order එකකුත්
Candle එක රතුපාට නම් Sell Order එකකුත්


Trade එකක් කරද්දී අපි දැනගෙන ඉන්න ඕනෙ අපි ඒ trade එක කරන්නේ මොන පදනමක් මතද කියලා. ඇයි Sell order එකක් නැතුව Buy order එකක් කරන්නේ හෝ Buy order එකක් නැතුව Sell order එකක් කරන්නේ කියලා. එහෙම නැතුව කාසියක් උඩ දාලා head වැ‍ටුනොත් Buy කරනවා, tail වැ‍ටුනොත් Sell කරනවා කියලා මේක කරන්න ගියොත්, ඇත්ත සල්ලි දාලා වැඩිකල් Forex කරන්න වෙන එකක් නෑ.


දැන් අපි බලමු Candle එක කොළපාට නම් Buy order එකකුත්, රතු පාට නම් Sell order එකකුත් කරන පදනම (හේතුව) මොකක්ද කියලා. අන්තිමට හැදුනු Candle එක කොළපාටයි කියන්නේ අපි බලන් හිටපු අන්තිම විනාඩි 15දී (M15 නිසා) EUR/USD price එක වැඩිවෙලා කියන එක. අපි අනුමාන කරනවා price එක තවදුරටත් ඉහලයයි කියලා. ඒකයි අපි Buy order එකක් කරන්නේ. මතකනේ Buy order එකකදී අපිට profit ලැබෙන්නේ Market price එක අපි ගත්ත ගණනට වඩා ඉහල ගියොත් විතරයි.



Candle එක රතුපාට නම් මේකේ අනිත් පැත්ත. ඒ කියන්නේ පහුගිය විනාඩි 15දී price එක අඩුවෙලා තියෙනවා. ඒ හින්දා අපි අනුමාන කරනවා price එක තවදුරටත් පහලයයි කියලා. දැන් ඒක පැහැදිලි ඇති කියලා මම හිතනවා.

Market එක ඒ විදිහට study කරනවට කියන්නේ Market analysis කියලා මේ විදිහට Market එක analyse කරන ප්‍රධාන ක්‍රම 2ක් තියෙනවා. එකක් Technical analysis අනිත් එක Fumdamental analysis. දැනට මේවා ලොකුවට හිතන්න එපා. මම ඒවා ඉස්සරදී කියලා දෙන්නම්. හැබැයි අපි ගොඩාක් දුරට කරන්න යන්නේ Technical analysis තමයි.

මට ඕනෙ කරන්නේ ඔයාලට මේක කරන්නන් වාලේ කරන්නේ නැතිව කරන හැම දේම තේරුමක් ඇතුව කරවන්න. එතකොට Forex වල තියෙන risky පැත්ත සෑහෙන්න අඩුකරගන්න පුළුවන්.

හරි දැන් අපි බලමු trade එක කරන්නේ කොහොමද කියලා. එහෙනම් දැන් හැදෙමින් පවතින M15 Candle එක දිහා බලාගෙන ඉන්න. ඒක හැදිලා ඉවර වෙන්න තව කොච්චර වෙලා යනවද කියලා Market watch එක බලලා දැන ගන්න පුළුවන්. (Market watch එක තියෙන්නේ Currency pairs prices පෙන්වන කො‍ටුවේ උඩම, එකේ පෙන්වන වෙලාව 08:20 නම් ඒ කියන්නේ Candle එක හැදිලා ඉවරවෙන්න තව විනාඩි 10ක් යනවා කියන එක, මොකද M15 chart එකේදී Candles හැදෙන්නේ විනාඩි 15න් 15වට නිසා).

Candle එක හැදිලා ඉවර වෙච්ච ගමන් chart එක උඩ right click කරන්න.

No comments:

Post a Comment